×

CultureTV's video: Kirulapana Sri Pushparamaya Annual Mihindu Perahera 2023

@Kirulapana Sri Pushparamaya Annual Mihindu Perahera 2023 ~ ශ්‍රී පුෂ්පාරාම විහාර මිහිඳු මහා පෙරහැර
Kirulapana Sri Pushparamaya Annual Mihindu Maha Perahera on June 17 Annual Mihindu Maha Perahera of Kirulapana Sri Pushparamaya will take place on June 17 under State patronage for the 29th time. Prime Minister Dinesh Gunawardena made this event under the Pilgrimage Ordinance Act a national procession on July 4, 2022 with the gazette notification No. 228705. The event, a symbol of harmony, will be held a whole week, Kirulapana Sri Pushparamaya Chief Incumbent Alkaduwe Nagitha Thera said. It will start from the temple and parade along the Kirulapana South Road and the Baseline Road and through the High Level Road and return to the temple along Kirulapana Mawatha by the Polhengoda Military Headquarters. කිරුළපන පොසොන් අසිරිය - 2023 - ශ්‍රී පුෂ්පාරාම විහාරයේ වාර්ෂික මිහිඳු මහා පෙරහැර බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නාගරික කොට්ඨාසයේ කිරුළපන ග්‍රාමයේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ඉඩම් ප්‍රමාණයෙන් පර්චස් 14 ක පමණ විහාරස්ථානයකි. මෙහි නිර්මාතෘව වැඩසිටි බෙන්තර ඇල්පිටිය දෙපළාතේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය ශාස්ත්‍රපති විශාරද පණ්ඩිත දිවිතුරේ සුගතවංශ නායක ස්වාමීන් වහන්සේ එම විහාරස්ථානය ආරම්භ කරන ලද්දේ 1955 දී ය. එවකට කුඩා විහාරස්ථානයක් වූවත් දිවිතුරේ සුගතවංශ නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කරන ලද ශාසනික වැඩපිළිවෙළේ දී ප්‍රධාන තැනක් මිහිඳු පෙරහර වෙත යොමු කරන ලදී. කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේ අපවත් වූයෙන් පසුව ශ්‍රී පුෂ්පාරාමයේ නායක ස්වාමීන් වහන්සේගේ පදවියට පත් වූයේ ‘ඇල්කඩුවේ නාගිත ස්වාමීන් වහන්සේ’ ය. අවුරුදු 30ක් තිස්සේ අඛණ්ඩව පවත්වන, දකුණු කොළඹ එකම පෙරහැර වන, අතිශය ජනප්‍රිය කිරුළපන පුෂ්පාරාම විහාරස්ථාන පෙරහැර මංගල්‍යයේ, පුෂ්පාරාමාධිපති, පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමිපාණන් ඇතුළු සංඝරත්නයේ ආශිර්වාදයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව මිහිඳු පෙරහර පසුගියදා (17) රාත්‍රිය පුරා වීථි සංචාරය කරන ලදී. මෙවර සධාතුක කරඬුව වැඩමවීම සිදු කෙරෙන්නේ කල්‍යාණි රජමහවිහාරයේ මංගල හස්තිරාජයා විසින් සිදු කෙරිණ. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මූලිකත්වයෙන් පැවැති පෙරහැර මංගල්‍යය කමිටුව විසින් සාර්ථකව සංවිධානය කරන ලද මෙවර පෙරහැරට අලිඇතුන් 11දෙනෙක් පෙරහැර අංග 68ක් එක්කරගෙන තිබිණි. කිරුළපන ශ්‍රී පුෂ්පාරම රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කෙරෙන මෙම පෙරහැර කිරුළපන මාවත් ඔස්සේ හයිලෙවල් පාර හා බේස්ලයින් පාර ඔස්සේපොල්හේන්ගොඩ යුද්ධ හමුදා කඳවුර අසලින් නැවතත් හරවා කිරුළපන මාවත් ඔස්සේ නැවතත් විහාරස්ථායට ගෙවැදෙන ලදී. අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබන පෙරහැරක් ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ගැසට් කිරීමෙන් පසු පළමුවරට, මෙවර පෙරහැර පැවැත්වුන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සමන්මලී සකලසූරිය ගුණවර්ධන, කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති ටයිටස් පෙරේරා, කොළඹ දිසාපති කේ ජී විජේසිරි, කිරුළපන වෙළඳ සමූහය, දායක කාරකාදීහු ඇතුළු ප්‍රදේශවාසී සියලු දෙනා මෙම අවස්ථාවට එක්වූහ. පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමි, අතිපූජ්‍ය වාලුකාරාමාධිපති, කෝට්ටේ රාජමහා විහාරාධිපති, විමලාරාමාධිපති, සාමවිහාරාධිපති, කෝට්ටේ නාග විහාරාධිකාරී, බෝධි බෞද්ධ මධ්‍යස්ථානධිපති ප්‍රමුඛ පූජනීය නායක මහා සංඝරත්නයද ප්‍රදේශයේ කතෝලික මුස්ලිම් හින්දු පූජක ප්‍රසාදීන් සියලු දෙනාම ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 2023.06.17 පැවති කිරුළපන ශ්‍රී පුෂ්පාරාම මිහිඳු පෙරහැර නැරඹීම සඳහා සැමට ආරාධනා. #කිරුළපන ශ්‍රී පුෂ්පාරාම විහාරය #වාර්ෂික මිහිඳු මහා පෙරහැර සජීවීව #මිහිදු මහා පෙරහැර #දිනේෂ්ගුණවර්ධන

62

26
CultureTV
Subscribers
8.9K
Total Post
226
Total Views
358.3K
Avg. Views
2.4K
View Profile
This video was published on 2023-06-23 16:37:59 GMT by @Culture on Youtube. CultureTV has total 8.9K subscribers on Youtube and has a total of 226 video.This video has received 62 Likes which are lower than the average likes that CultureTV gets . @Culture receives an average views of 2.4K per video on Youtube.This video has received 26 comments which are lower than the average comments that CultureTV gets . Overall the views for this video was lower than the average for the profile.CultureTV #කිරුළපන #වාර්ෂික #මිහිදු #DineshGunawardena #DG #SLPM #SriLankaPM #දිනේෂ්ගුණවර්ධන #DGMediaUnit #KirulaponaPushparamaParahara2023 #ColomboSouth #YadaminiGunawardena has been used frequently in this Post.

Other post by @Culture