×

LIFE's video: The Current Situation of ITN and Rupawahini Television Broadcasting

@රූපවාහිනී විකාශන කටයුතු නවතී ⛔ The Current Situation of ITN and Rupawahini Television Broadcasting
Sri Lanka Rupawahini shutting down of Tv broadcast වැටලීමෙන් පසු ජාතික රූපවාහිනිය අල්ලයි විකාශන නවතී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාවේ විශේෂ යානයකින් මාලදිවයිනට පලා යෑමෙන් පසු වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසීමෙන් පසු විරෝධතා කරුවන් අද දිනයේ ජාතික රූපවාහිනියට හා ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයට ගමන් කර කලබල ඇති කර තිබේ. ඒ අනුව ජාතික රූපවාහිනීය සහ ස්වාධීන රූපවාහිනියේ බලය අරගල කරුවන් විසින් අත්පත් කරගත ගෙන එහි මැදිරියට පිවිසී සජීවී කතාවක් සිදුකර ඇති අතර පසුව විකාශයන කටයුතු අත්හිටුවන්නට පාලක මැදිරිය කටයුතු කර තිබේ. ජාතික රූපවාහිනී සංස්ථාවට හා ගුවන්විදුලි සංස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තුවට අමතරව හමුදා බළ ඇණියක් හා පොලිස් කණ්ඩායම් ඊයේ (12) සිට යොදවා ආරක්ෂාව තර කර තිබුණි. ITN නාලිකාවත් නවතී - මැදිරියට ඇවිත් රූපවාහිනිය ජනසතුයි කියූ හැටි අද ජුලි 13 වනදා අරගලකරුවන් ජාතික රූපවාහිනී පරිශ්‍රයට පැමිණ විරෝධය දැක්වූ අතර පසුව ඔවුන් රූපවාහිනියේ සජීවීවැඩසටහනකට කැඳවා ප්‍රකාශයක් සිදු කර තිබේ. මින් ඉහත පසුගිය 9 වනදා දෙරණ නාලිකාවට පැමිණි කණ්ඩායමක්  සිදු කළ ආකාරයට ජාතික රූපවාහිනියේ කතාව පැවැත්වූ දෙන්නා දවල් 1 ට බ්‍රේකින් නිවුස් ලෙස පෙන්වූ විශේෂ ප්‍රවෘත්ති විකාශයකට එක්වෙමින්  මෙම ප්‍රකාශය කර තිබුණි. එහිදී එහිදී කියා සිටියේ මින් පසු ජාතික රූපවාහිනිය ජනසතු බවත් ඉදිරියට එක් එක් දේශපාලන නායකයින්ට කඩේ යමින් ඔවුන් තනතුරු වලට පත් කරන්නට නොහැකි බවත්ය. ඒ අනුව රටේ නිසි රජයක් පිහිටුවනතුරු තමන්ගේ වාණිජ නොවන සියලු වැඩසටහන් ‘කඩේ යාම‘ නතර කර අරගලකරුවන්ගේ හඩ වෙනුවෙන් පවත්වා යුතු බවයි. ජාතික රූපවාහිනිය අරගලකරුවන් අල්ලාගත් බවද එහිදී පැවසිණි. ඒ අනුව 1.30 පමණ සිට මිනිත්තු 45 ක පමණ කාලයක් රූපවාහිනියේ වර්ණ තිර පමනක් දිස්ව විකාශන කටයුතු නතර කර තිබූ අතර පසුව පොහොය වෙනුවෙන් සුපුරුදු වැඩසටහන් ඇරඹිණි මේ අතර ස්වනාදීන රූපවාහිනී සේවය අද පිරිස්වටළන ලද අතර එම විකාශය මැදිට කිසිවෙකු ආවේ නැතිනමුත් පස්වරු 2.05 පමණ සිට විකාශය අහවර කර වර්ණ තිර දිස් විය. ජාතික රූපවාහිනියට අදාළ වීඩියෝව පහතින්

18

9
LIFE
Subscribers
6K
Total Post
151
Total Views
635.3K
Avg. Views
5.6K
View Profile
This video was published on 2022-07-13 14:16:41 GMT by @LIFE on Youtube. LIFE has total 6K subscribers on Youtube and has a total of 151 video.This video has received 18 Likes which are lower than the average likes that LIFE gets . @LIFE receives an average views of 5.6K per video on Youtube.This video has received 9 comments which are lower than the average comments that LIFE gets . Overall the views for this video was lower than the average for the profile.LIFE #lka #Srilanka #breakingnews #gohomegota #gohomegota2022 #colombo #gotagohome2022 #srilanka #slrc #channeleye වැටලීමෙන් has been used frequently in this Post.

Other post by @LIFE