×

My Flight Zone's video: SIHINA -

@SIHINA - සිහින
විස්වාස කරන්න පුංචි දරුවන්ගේ සමහර හීන තියනවා ඇස් පියවෙන්නම ඕනේ නැහැ ඒ හීන දකින්න....සමහර හීන මුහුදු හතකට එහා තියන සුරංගනා ලෝකෙකට පියාබලා යන්න ඕනේ කියල හිතුවට තවත් තැනක ඉන්න පුංචි පැටියෙක්ගේ හීනයක් වෙන්නේ අලුත් සුවඳ හමන කඩඳාසියක අකුරු ලියන එක.....ඔයයි මමයි දකින ලොකු ලොකු හීන මැද්දේ එහෙම පුංචි පුංචි හීන අනන්ත අප්‍රමාන තියනවා.ටිකක් විපරම් කරලා බැලුවොත් ඔයාටත් හම්බෙයි එහෙම හීන තියන පැටව්... අපි මේ කියන්න හදන්නේ එහෙම කතාවක්..... මේ කතාව පටන් ගන්නේ මහියංගනේ කෙලවරට වෙන්න තිබුන හිසට වහලයක් කකුලට සෙරෙප්පු දෙකක්, අඩුම තරමේ ලියන්න කියවන්න පොත් පත් පවා නැතුව අපහසුවෙන් අකුරු කරන පොඩි පැටවුන් ටිකකගෙන්. දන්නවද ඒ පැටැවුන්ගේ හීනේ උනේ කවද හරි ඉගන ගෙන මේ රටේ ඉහලම තැනකට යන්න...අම්මට තාත්තට උපන් ගමට රටට සේවයක් කරන්න...ඉහලටම ඉගන ගන්න..... හරියටම නම කියනවා නම් මහියංගනේ ගුරු කුඹුර ප්‍රාථමික විද්‍යාලයේ පැටව් ගැනයි මම මේ කියන්නේ.මුලු පාසලටම තියෙන්නේ එකම එක ගොඩනැගිල්ලක් විතරයි.ගුරුවරු 6 දෙනෙක් විතරමයි මේ දරුවො එක්ක ඉන්නේ... ඒ හැමදෙයක් ම එහෙම උනත් මේ පැටව් උත්සාහ කරනවා පියාපත් දෙන්න තමන්ගේ හීනෙට... උන් ආසවෙන් ඉන්නවා ඉගිලෙන්න ඒ හීන වලට... ඉතින් අපි ඒ පැටවුන්ගේ හීන වලට පියාපත් දුන්නා..... උන් දවසක ඒ හිනත් එක්ක පියාඹනවා බලන්න අපි ආසාවෙන් දින ගනිනවා... "කැප කල අද දවස, ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන්..... ගිලිහෙන්නට ඉඩ නොදෙමු අපේ අනාගතය"

19

3
My Flight Zone
Subscribers
1.5K
Total Post
82
Total Views
130.8K
Avg. Views
2.5K
View Profile
This video was published on 2019-12-10 11:05:06 GMT by @My-Flight-Zone on Youtube. My Flight Zone has total 1.5K subscribers on Youtube and has a total of 82 video.This video has received 19 Likes which are higher than the average likes that My Flight Zone gets . @My-Flight-Zone receives an average views of 2.5K per video on Youtube.This video has received 3 comments which are higher than the average comments that My Flight Zone gets . Overall the views for this video was lower than the average for the profile.My Flight Zone #team #myflightzone #CSR has been used frequently in this Post.

Other post by @My Flight Zone